Posts

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස

Image
  බොහෝ වැඩිහිටියන් වර්ථමාන ළමා පරපුර සම්බන්ධව කතා බහ කිරීමේදී " දැන් ඉන්න ළමයි අපේ කාලේ වගේ නෙමෙයි.හරියට පැහිලා" යනුවෙන් කියනු ඔබ අසා ඇත.එසේම තවත් වැඩිහිටියෝ ළමුන් පිළිබදව කතා කිරීමේදී ඔවුන්ගේ සාරදර්ම හා චර්‍යාවන්ගේ පිරිහීම ගැන මැසිවිලි නගති. එදා පරපුර මෙදා පරපුරෙන් වෙනස් වීමටහේතු වී ඇත්තේ කුමක්ද? ඉහත තත්වයන් සඳහා  හේතු වූ සාදක නිශ්චිතවම තීරණය කළ නොහැකි වූවත් මේ සඳහා  ජනමාධ්‍යන්ගේ බලපෑම ඉතා සැළකිය යුතු මට්ටමක තිබෙන බව පිළිගත හැක.  වර්ථමාන දරුවන් බහුතරයක් වැඩෙන්නේ ජනමාධ්‍ය සමගය.අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පවුල් ජීවිත ඒකීය පවුල් බවට පත් වෙමින් තිබේ.බොහෝ කුඩා ඒකීය පවුල් තුළ දරුවන් සිටින්නේ හුදෙකලාවත් සමගයි.එහිදී දරුවන්ගේ තනිය මකන්නේ ජනමාධ්‍ය විසිනි.රූපවාහිනිය ඉන් ප්‍රමුඛ වේ.එසේම ළමුන් තුළ වෙනස්කම් ඇති කරන මේ මාධ්‍යයන් මෙහෙයවන්නේ කව්රුන් විසින්ද? බොහෝ ජනමාධ්‍යන් නඩත්තු වන්නේ වෙළඳ  ආයතනවල අනුග්‍රාහක දැන්වීම් මගිනි.එම වෙළඳ  දැන්වීම් විසින් නිරතුරුවම හුරුකරන වටිනාකම් මානවවාදී ඒවා නොවේ.බෙදාගෙන කෑමට නොව බදාගෙන කෑම ඔවුහු ළමුන්ට කියාදෙති. බොහෝ රටවල සන්නිවේ...

නව නළු රසය

Image
                                විවිධ අවස්ථා අනුව මිනිස් සිතෙහි ඇතිවන හැඟීම් රස භාව නිෂ්පත්තියේ මූලාරම්භය ලෙස සඳහන් කළ හැක.☺️😐😑😏😦😔          අසන්නාගේත්,බලන්නාගේත්, කියවන්නාගේත්, සිත අනුව ඇතිවන භාවයන් විවිධ ය .මේ හේතුව නිසා ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන රසය ද විවිධ වෙයි.භාවයන් තුළින් රසය උපදී.මෙය මුළුමනින්ම මානසික ක්‍රියාවලියක් නිසා ද්‍රව්‍යමය වශයෙන් පෙන්වීමට හෝ දැකීමට හෝ මැන බැලීමට හැකියාවක් නැත .                                                   භරතමුණීගේ " නාට්‍ය ශාස්ත්‍රය " නමැති කෘතිය සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ රස සිද්ධාන්ත මුල් කරගෙන බව කියවේ .ඔහු පවසන අන්දමට භාව, විභාව, අනුභාව, ව්‍යවචාරී භාව යන කොටස් සංයෝග වීමෙන් කිසියම් රසයක් උපදී .භරතමුණි රස අටක් හඳුන්වා දී ඇත. එහි ශාන්ත රසය  අන්තර්ගත නොවේ.                  ...

බලාපොරොත්තුවේ පොද වැස්ස

Image
                  බලාපොරොත්තුවේ පොද වැස්ස                  සඳවතියකි    මා            මිරිඟුවට පෙම් බඳින            සොයමි  දිය   පොදක්               ඒ    මිරිඟුව   තුළම                කෙදිනක    හෝ              වැටේවී     වැස්සක්            තෙත්    වුණු    මනසට             ඉඩෝරයක් වූ හදවතට            ඉරිතලා ගිය සෙනෙහසට             වටිනාකමක් රැගෙන             කඳුළු බිඳුවක් සමගම              දෙකොපුල පිස දමමින්               ගල...

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

Image
  විජය හා කුවේණියගේ කථා පුවත සැවොම  අසා තිබෙන සැවොම හඳුනන කතා පුවතකි. නමුත් එම කතාව තුළින් මාජයට කොපමණ වැදගත් උපදෙස් ප්‍රමාණයක් සන්නිවේදනය කෙරේ ද යන්න පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ .විජය කුවේණි කතා පුවත කොහොඹා කංකාරි ශාන්ති කර්මය හා සම්බන්ධ උපත් කතා පුවත ලෙස ද සඳහන් වේ. එම කතා පුවත කෙටියෙන් මෙසේ සඳහන් කළ හැක .                           සත්සියයක් පිරිස සමඟ ලංකාවට පැමිණි විජය රජු කුවේණිය සරණ පාවා ගෙන මෙරට රජකමට පත් විය .ඔහුට දාව ජීවහත්ත සහ දිසාලා නම් දරු දෙදෙනෙක් උපන්හ .පසුව විජය රජු කුවේණිය පලවා හැර ඉන්දියාවේ තමාගේ කුලයට ගැලපෙන කුමාරිකාවක් සරණ පාවා ගත්තාය .දරු දෙදෙනා සමග වනගත වූ කුවේණිය විජය ට ශාප කරන්නට විය .මෙම ශාපය විජයට බල නොපෑ ව ද ඊට පසු රජ වූ පඬුවස්දෙව් රජුට බලපාන්නට විය .මේ හේතුව නිසා රජු රෝගාතුර වූ බව කියැවේ .එම රෝගය  "දිවි දෝෂය" ලෙස හැඳින්වූ අතර එය සුවපත් කිරීම සඳහා සිදු කළ ශාන්ති කර්මය "කොහොඹාකංකාරි ශාන්තිකර්මය" ලෙස ද හැඳින්වේ .                 කතා පුවතේ...

කිරුළක් වෙමි ඔබට

Image
       කෙනෙක් ඉන්නවා අපි හැමෝගෙම ජීවිත වල,සාක්කුව හිස් වුනත් අපේ බඩ කට පුරවපු.ඉතින් ඒ කිරුළු නොපලන් රජුටයි මේ.         දෑස් හැර මෙලොව මා         දුටු   ඒ           කඳුළු        සිඟිත්තියක් ලැබූ බව         ඔබ      දත්        හින්දා         නැහැවූ දා කලය   බිඳ          දුටු      ඒ            කඳුළු          රැකුමට මා අවැසි බව         ඔබ       දත්        හින්දා         කළු ලෝගුවක්  කර  ලා         දුටු         ඒ             කඳුළු         දිනුවා අනාගතය       දූ          ඔබ...

කාටුන් සහ ළමා මනස

Image
          ඔයාගේ  ජීවිතේ සුන්දරම කාලය මොකක්ද කියලා කවුරුහරි ඔයාගෙන්  ගැහුවොත් ඇත්තටම ඒකට උත්තරය වෙන්නේ  "පුංචි කාලේ " නේද ?පුංචි කාලය කියන්නේ අපි හැමෝගෙම ජීවිත වලට එකම  එක පාරක් එන ඉතාම සුන්දර කාලපරිච්ඡේදයක්.ඉතින් කැමතිද  ඔයාට, මට ,අපි හැමෝටම තිබුණු ඒ ලස්සන පුංචි කාලෙට ආපහු යන්න.☺️                  පුංචි කාලේ  තිබුණු  ඒ සුන්දරත්වය සමනල පිහාටුවක් වගේ සියුම්ව හිත ඇතුලෙන් අදටත් අපි අත්විඳිනවා නේද?🙆🤸               ළමා කාලය යනු අනුකරණාත්මක කාලයකි .කුඩා ළමුන් සෑමවිටම දකින දේවල් අනුකරණය කරන්නට පෙළඹෙයි.හරි වැරැද්ද හරි හැටි තේරුමක් නොමැති ව අනුකරණය කිරීම තුළින් ඔවුන් වින්දනයක් ලැබීමට දක්වන්නේ දැඩි කැමැත්තකි .    "කාටූන්" කියන වචනය පුංචි ළමයින් හා බැඳෙන්නේ ගහට පොත්ත මෙනි.එදත් කාටුන් තිබුණා, අදත් කාටුන් තිබෙනවා.ඒත් ඇත්තටම එදා තිබුණු අපි රසවිඳපු කාටුන් අද පුංචි ළමයි නරඹන කාටුන් වගේම ද ,නැතිනම් වෙනසක්  තිබෙනවාද කියලා ප්‍රශ්නයක්  හැමෝටම ඇති. ...

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග

Image
  ගනී සහ money   කියලා යාලුවෝ  දෙන්නෙක් හිටියා  ඒ දෙන්නට ඕන වුණා  කතරගම දේවාලය වැඳ පුදා ගන්න .ඉතින් දෙන්නම කතා වෙලා දුරක් ගෙවාගෙන කතරගම පුද බිමට ආවා .මීට අවුරුදු පහකට හයකට ඉස්සර මේ දෙන්නා කතරගම වැඳපුදාගන්න ඇවිත් තිබුණා.අද මේ දෙන්නා වසර ගාණකට  පස්සේ ආයෙමත් කතරගම දෙවියන් බැහැදකින්න එන්නෙ පෙර වූ භාරයක් ඔප්පු කිරීමටයි.          ඉතිං කතරගම වන්දනා කරන්න සුදු  ඇඳුමින් සැරසිලා  පුදබිමට ඇවිත් පය තිබ්බ විතරයි කණට ඇහෙන්න ගත්තේ මහා ඝෝෂාවක්.පලතුරු වට්ටි විකුණාගැනීමට කඩ කාරයින් පොරකන ආකාරය දැකපු ගනී හා money පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.එක් කඩයක අයිතිකාර කාන්තාවක් බුලත් විටක්  හපන ගමන් කඩෙන් එළියට ආවා.        "එන්න මහත්තයා අපේ කඩෙන් පලතුරු පූජාව ගන්න.අපි අඩු කරල දෙනවා.ඔය ඔතන  කඩෙන් ගන්න එපා.උන් විකුනන්නෙ හොඳ පලතුරු නෙවෙයි .අපි ගාව හොඳ බඩු තියෙන්නේ .එන්න මහත්තයා අපෙන් ගන්න ." කියලා ඒ මැදිවියේ කාන්තාව කෑගහද්දිම අනෙක් කඩේ කාන්තාවද එළියට ආවේ බැනවදිමින් .        කෝ දෙවියනේ ශ්‍රද්ධාව කියා සිතුණ...