දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග
ගනී සහ money කියලා යාලුවෝ දෙන්නෙක් හිටියා ඒ දෙන්නට ඕන වුණා කතරගම දේවාලය වැඳ පුදා ගන්න .ඉතින් දෙන්නම කතා වෙලා දුරක් ගෙවාගෙන කතරගම පුද බිමට ආවා .මීට අවුරුදු පහකට හයකට ඉස්සර මේ දෙන්නා කතරගම වැඳපුදාගන්න ඇවිත් තිබුණා.අද මේ දෙන්නා වසර ගාණකට පස්සේ ආයෙමත් කතරගම දෙවියන් බැහැදකින්න එන්නෙ පෙර වූ භාරයක් ඔප්පු කිරීමටයි.
ඉතිං කතරගම වන්දනා කරන්න සුදු ඇඳුමින් සැරසිලා පුදබිමට ඇවිත් පය තිබ්බ විතරයි කණට ඇහෙන්න ගත්තේ මහා ඝෝෂාවක්.පලතුරු වට්ටි විකුණාගැනීමට කඩ කාරයින් පොරකන ආකාරය දැකපු ගනී හා money පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.එක් කඩයක අයිතිකාර කාන්තාවක් බුලත් විටක් හපන ගමන් කඩෙන් එළියට ආවා. "එන්න මහත්තයා අපේ කඩෙන් පලතුරු පූජාව ගන්න.අපි අඩු කරල දෙනවා.ඔය ඔතන කඩෙන් ගන්න එපා.උන් විකුනන්නෙ හොඳ පලතුරු නෙවෙයි .අපි ගාව හොඳ බඩු තියෙන්නේ .එන්න මහත්තයා අපෙන් ගන්න ." කියලා ඒ මැදිවියේ කාන්තාව කෑගහද්දිම අනෙක් කඩේ කාන්තාවද එළියට ආවේ බැනවදිමින් .
කෝ දෙවියනේ ශ්‍රද්ධාව කියා සිතුණු ගනී හා money එතන රණ්ඩුව බලා ඉන්න බැරිම තැන එපිටින් තිබුණු කඩේකින් පලතුරු වට්ටියක් අරගෙන දේවාල භූමියට ඇතුල් වුණා .ඇතුලට යනකොටම දැක්කේ තවත් පිරිසක් බාරහාර ඔප්පු කිරීමට කාවඩි නටමින් පූජා භූමියට එන ආකාරයයි .ඔවුන් එසේ කාවඩි නැටීමට කල්තියා මුදල් ගෙවා කාවඩියක් වෙන්කර ගන්නා බව පසුව දැන ගන්නට ලැබුණා.
පූජා භූමියට ඇතුල් වෙද්දිම තිබුණේ දිග පෝලිමක්.පෝලිමේ කෙළවරට එක් වූ ගනී හා මනී පැයක් පමණ පෝලිමේ රැඳී සිටියා.ඉතා විශාල පලතුරු වට්ටි හිසේ තිබූ බැතිමතුන් පෝලිමේ ඉදිරියට කපු මහතා විසින් කැඳෙව්වා.පුංචි පලතුරු වට්ටියක් අතේ තිබූ ගනී හා money තවමත් පෝලිමේ.පෝලිම ටිකෙන් ටික දේවාලයේ දොරටුව අසලට කිට්ටු වුණා.ඉදිරියට ආ කපු මහත්තයෙක් "පූජා වට්ටි අතේ තියෙන අය විතරක් ඇතුලට එන්න.අනෙක් අය මේ පැත්තෙන් යන්න."කියා කෑගැසුවා.පලතුරු වට්ටිය තිබුණේ මනී ලඟ.මනි ඇතුලට ගියා.ගනී එළියෙන් ම දෙවියන් වැඳගෙන මනී එනකල් බලා සිටියා.
ටික වෙලාවකින් මනී එළියට ආවා.එලියට ආපු මනි මෙහෙම කිව්වා ."දේවාලය ඇතුලට ගියා විතරයි ගනී.දේව කන්නලව්ව වත් කනට වැටුණේ නෑ.පලතුරු වට්ටියේ තිබුණු රුපියල් පන්සීයේ කොලේ නම් කපු මහත්තයා අරගත්තා. අරගෙන පළතුරු කීපයක් හා මල් මාලය එක්ක ආපහු පලතුරු වට්ටිය අතට දුන්නා. මෙන්න පලතුරු කන්න ගනී." කියලා පලතුරු වට්ටිය ගනී ගේ අතේ තිබ්බා.
දේවාලයෙන් එළියට පිට වී ආ ගනී , මනී පසුපසින් දිව ආ කුඩා දරුවෙක් "අනේ අයියේ මට ඔය මල් මාලේ දෙන්න "කියා ඉල්ලුවා.මල් මාලය අරගත් කුඩා දරුවා තවත් මල් මාලා කිහිපයක් එකතු කරගෙන ගියේ පලතුරු පූජා විකුණන කඩයකටයි.එම දරුවා මල්මාලා ටික කඩේට දීලා මුදල් ලබා ගත්තා.
ඇත්තටම මේ හැමදේම එකිනෙක සම්බන්ධ වෙලා තියෙන හැටි හරිම අමුතුයි.අන්තිමට ගනී මෙහෙම කිව්වා "money ඔයා මා එක්ක ආපු නිසා මං කතරගම දෙවියන් වැඳ පුදා ගත්තා.ඔයාට ගොඩාක් පිං."
ඉතින් හැමෝම දැනගෙන යන්න කතරගම
ගනී මනී, money ගනී..........😉
👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDeleteඇත්ත ඇති සැටියෙන්
ReplyDeleteකොහෙත් ගනී
ReplyDeleteතිබ්බොත් මනී...
这是很好
ReplyDelete👌👌
ReplyDelete👍👌
ReplyDelete👍👈
ReplyDeleteNiyamai
ReplyDelete😍😍
ReplyDeleteReality 👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteGreat
ReplyDeleteSuper 👍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDeleteExcellent 💛🥂
ReplyDeleteනියමයි
ReplyDelete