ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස
බොහෝ වැඩිහිටියන් වර්ථමාන ළමා පරපුර සම්බන්ධව කතා බහ කිරීමේදී " දැන් ඉන්න ළමයි අපේ කාලේ වගේ නෙමෙයි.හරියට පැහිලා" යනුවෙන් කියනු ඔබ අසා ඇත.එසේම තවත් වැඩිහිටියෝ ළමුන් පිළිබදව කතා කිරීමේදී ඔවුන්ගේ සාරදර්ම හා චර්‍යාවන්ගේ පිරිහීම ගැන මැසිවිලි නගති. එදා පරපුර මෙදා පරපුරෙන් වෙනස් වීමටහේතු වී ඇත්තේ කුමක්ද? ඉහත තත්වයන් සඳහා හේතු වූ සාදක නිශ්චිතවම තීරණය කළ නොහැකි වූවත් මේ සඳහා ජනමාධ්‍යන්ගේ බලපෑම ඉතා සැළකිය යුතු මට්ටමක තිබෙන බව පිළිගත හැක.
වර්ථමාන දරුවන් බහුතරයක් වැඩෙන්නේ ජනමාධ්‍ය සමගය.අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පවුල් ජීවිත ඒකීය පවුල් බවට පත් වෙමින් තිබේ.බොහෝ කුඩා ඒකීය පවුල් තුළ දරුවන් සිටින්නේ හුදෙකලාවත් සමගයි.එහිදී දරුවන්ගේ තනිය මකන්නේ ජනමාධ්‍ය විසිනි.රූපවාහිනිය ඉන් ප්‍රමුඛ වේ.එසේම ළමුන් තුළ වෙනස්කම් ඇති කරන මේ මාධ්‍යයන් මෙහෙයවන්නේ කව්රුන් විසින්ද?
බොහෝ ජනමාධ්‍යන් නඩත්තු වන්නේ වෙළඳ ආයතනවල අනුග්‍රාහක දැන්වීම් මගිනි.එම වෙළඳ දැන්වීම් විසින් නිරතුරුවම හුරුකරන වටිනාකම් මානවවාදී ඒවා නොවේ.බෙදාගෙන කෑමට නොව බදාගෙන කෑම ඔවුහු ළමුන්ට කියාදෙති.
බොහෝ රටවල සන්නිවේදන විශාරදයන් මේ වන විටත් ජනමාධ්‍ය මගින් ළමුන්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ අවධානය යොමු කර ඇත .ළමුන් දිගින් දිගට ප්‍රචණ්ඩකාරී දර්ශන රූපවාහිනිය තුළින් නැරඹීම නිසා ළමුන් තුළ සිදුවිය හැකි වෙනස්කම් කීපයක් පහත පරිදිය .
- කලහකාරී බව පිළිබඳ බලපෑම්
- බිය පිළිබඳ බලපෑම
- සිඳී යාමේ බලපෑම
ළමුන් තම ජීවිතය සඳහා අවශ්‍ය ප්‍රතිමාන ආදර්ශ හෝ අත්දැකීම් උපයා ගන්නේ උපයා ගන්නේ තමා අවට පරිසරයෙන් නම්, ළමුන්ට තමා අවට ලෝකය දැන ගැනීමට වැඩි ඉඩක් විවර කර දෙන්නේ මාධ්‍ය තුළින් නම් , මාධ්‍ය තුලින් නිසැකවම ළමුන්ට ආදර්ශමත් අත්දැකීම් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහි දී සඳහන් කළ හැක .
කරුණු උකහා ගැනීම : සිඩ්නි මාකස් ඩයස්, සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය ,තෝතැන්න ප්‍රකාශන .
ජනමාධ්‍යයේ තිත්ත ඇත්ත
ReplyDelete👍👍👍
ReplyDeleteVeleuble
ReplyDeleteඔනෑම දෙයක් අවබෝධයෙන් ක්‍රියාත්මක කිරීම තුල යම් සැනසීමක් තිබිය හැකියි
ReplyDelete❤️❤️❤️
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteGreat
ReplyDeleteImportant article 💛🥂
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeleteවැදගත් 👍
ReplyDelete👍👍
ReplyDelete💜️💜️💜️
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete