කිරුළක් වෙමි ඔබට

       කෙනෙක් ඉන්නවා අපි හැමෝගෙම ජීවිත වල,සාක්කුව හිස් වුනත් අපේ බඩ කට පුරවපු.ඉතින් ඒ කිරුළු නොපලන් රජුටයි මේ.



       දෑස් හැර මෙලොව මා 

       දුටු   ඒ           කඳුළු

       සිඟිත්තියක් ලැබූ බව 

       ඔබ      දත්        හින්දා 


       නැහැවූ දා කලය   බිඳ  

       දුටු      ඒ            කඳුළු  

       රැකුමට මා අවැසි බව 

       ඔබ       දත්        හින්දා  


      කළු ලෝගුවක්  කර  ලා 

       දුටු         ඒ             කඳුළු 

       දිනුවා අනාගතය       දූ 

        ඔබ      දත්         හින්දා 


        මනාලියක්  වී ගිය   දා 

        දුටු       ඒ           කඳුළු  

       මා  නිවසින්  යන   බව  

        ඔබ     දත්          හින්දා 


      ඔබගේ කඳුළු  මුතු කැට  

      මට        ඒ             හින්දා  

      දිනුවා    දිවිය   අප්පච්චි 

      නුඹ                      හින්දා  


පද රචනය :අමාලී වීරසේකර 


වරම් දී කුමරියක            වන්නට 

කිරුළු නොපලන් රජෙකි      නුඹ මට ........






Comments

  1. ♥️♥️♥️♥️♥️♥️♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස

නව නළු රසය