නව නළු රසය

      


                        විවිධ අවස්ථා අනුව මිනිස් සිතෙහි ඇතිවන හැඟීම් රස භාව නිෂ්පත්තියේ මූලාරම්භය ලෙස සඳහන් කළ හැක.☺️😐😑😏😦😔     

   අසන්නාගේත්,බලන්නාගේත්, කියවන්නාගේත්, සිත අනුව ඇතිවන භාවයන් විවිධ ය .මේ හේතුව නිසා ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන රසය ද විවිධ වෙයි.භාවයන් තුළින් රසය උපදී.මෙය මුළුමනින්ම මානසික ක්‍රියාවලියක් නිසා ද්‍රව්‍යමය වශයෙන් පෙන්වීමට හෝ දැකීමට හෝ මැන බැලීමට හැකියාවක් නැත .              

                                    භරතමුණීගේ "නාට්‍ය ශාස්ත්‍රය " නමැති කෘතිය සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ රස සිද්ධාන්ත මුල් කරගෙන බව කියවේ .ඔහු පවසන අන්දමට භාව, විභාව, අනුභාව, ව්‍යවචාරී භාව යන කොටස් සංයෝග වීමෙන් කිසියම් රසයක් උපදී .භරතමුණි රස අටක් හඳුන්වා දී ඇත. එහි ශාන්ත රසය අන්තර්ගත නොවේ.

                  නන්දිකේෂ්වරයන් විසින් රචිත "අභිනදර්පනය " නමැති කෘතියේ රස නවයක්  පිළිබඳ විවරණයක් ගෙන එයි.එයට ශාන්ත රසය ඇතුළත් කර ඇත.රස භාව නිෂ්පත්තිය පිළිබඳ පෙර අපරදිග මතවාදීන් විවිධ අදහස් පළ කර ඇත. ඒ අනුව පෙරදිග මතවාද ඉදිරිපත් කළ විද්වතුන් අතර,                                 

  • භරතමුණී 
  • නන්දිකේෂ්වර්
  • ආනන්ද වර්ධන 
  • අභිනවගුප්ත    

යන අය වැදගත් වේ.එසේ ම අපරදිග මතවාද ඉදිරිපත් කළ විද්වතුන් අතර ,

  •  ඇරිස්ටෝටල්
  • ප්ලේටෝ
  • සොක්‍රටීස්   
  යන අය වැදගත් වේ.

       රසයන්ගෙන් ඇතිවන භාවයන් 

භාවයන්                   රසයන්

රති භාවය                           ශෘංගාර රසය     

හාස භාවය                         හාස්‍ය රසය 

ශෝක භාවය                      කරුණා රසය

ක්‍රෝධ භාවය                       රෞද්‍ර රසය 

උත්සාහ භාවය                     වීර රසය

බිය භාවය                             භයානක රසය

ජුගුප්සා භාවය                     බීභත්ස්‍ය රසය 

විශ්මය භාවය                       අත්භූත රසය

භක්ති භාවය                          ශාන්ත රසය 



 



 

Comments

  1. Godak watinwa 💞💞

    ReplyDelete
  2. වැදගත් ලිපියක්❤❤❤

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස