බලාපොරොත්තුවේ පොද වැස්ස

       

         බලාපොරොත්තුවේ පොද වැස්ස 




               සඳවතියකි    මා

           මිරිඟුවට පෙම් බඳින

           සොයමි  දිය   පොදක් 

             ඒ    මිරිඟුව   තුළම 

              කෙදිනක    හෝ 

            වැටේවී     වැස්සක්

           තෙත්    වුණු    මනසට 

           ඉඩෝරයක් වූ හදවතට 

          ඉරිතලා ගිය සෙනෙහසට

            වටිනාකමක් රැගෙන 

           කඳුළු බිඳුවක් සමගම  

           දෙකොපුල පිස දමමින් 

             ගලා   හැලෙන්නට 

               වහීවී     වැස්සක් 

           හීන් හිරිපොද වැස්සක් 


           පද රචනය : අමාලි වීරසේකර 




Comments

  1. සිහින් සීතලට
    පිපෙන හිරිගඩුවකට
    උනුවී දියවෙන්න..
    වරක් නොව දහස් වර.
    බරදී යදමට
    නැගිටින්න..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස

නව නළු රසය