විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය
සත්සියයක් පිරිස සමඟ ලංකාවට පැමිණි විජය රජු කුවේණිය සරණ පාවා ගෙන මෙරට රජකමට පත් විය .ඔහුට දාව ජීවහත්ත සහ දිසාලා නම් දරු දෙදෙනෙක් උපන්හ .පසුව විජය රජු කුවේණිය පලවා හැර ඉන්දියාවේ තමාගේ කුලයට ගැලපෙන කුමාරිකාවක් සරණ පාවා ගත්තාය .දරු දෙදෙනා සමග වනගත වූ කුවේණිය විජය ට ශාප කරන්නට විය .මෙම ශාපය විජයට බල නොපෑ ව ද ඊට පසු රජ වූ පඬුවස්දෙව් රජුට බලපාන්නට විය .මේ හේතුව නිසා රජු රෝගාතුර වූ බව කියැවේ .එම රෝගය "දිවි දෝෂය" ලෙස හැඳින්වූ අතර එය සුවපත් කිරීම සඳහා සිදු කළ ශාන්ති කර්මය "කොහොඹාකංකාරි ශාන්තිකර්මය" ලෙස ද හැඳින්වේ .
කතා පුවතේ සඳහන් ආකාරයට විජය රජතුමා උසස් කුලයකට අයත් වුවද කුවේණිය යක්ෂ ගෝත්‍රික ස්ත්‍රියකි .එදා මෙදා තුළ ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ කුල ක්‍රමය විවාහයකට මෙන්ම පවුල් සංස්ථාවේ පැවැත්මට ද බලපාන බව පැහැදිලි කරයි .විජය රජුට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා ද්වීපයෙහි රජකම ලබා ගැනීමයි .එයට හොඳම ක්‍රමවේදය ලෙස ඔහු භාවිතා කළේ කුවේණිය සරණපාවා ගැනීමයි .වර්තමාන සමාජය තුළ ද බලලෝභී පුද්ගලයින් බලය අත්පත් කර ගැනීම උදෙසා විජය රජුගේ ක්‍රමවේදය අනුගමනය කරන අවස්ථා දැකගත හැක .
විජය රජු එදා ආත්මාර්ථකාමී භාවය තුළ කුවේණිය සරණ පාවාගෙන ඇය අත්හැරීමෙන් පොරොන්දු කඩ කිරීමත් දිවුරා ගිවිස ගත් දෙය නොසලකා හැරීමත් පැහැදිලි කරයි.වර්තමාන සමාජය තුළ ද පොරොන්දු කඩ වීම් තුළින් සිත් රිදීම් ඇති වන අවස්ථා අප්‍රමාණව දැකගත හැක .විජය රජුගේ පොරොන්දු කඩ කිරීම තුළ අවසානයේ කුවේණිය අසරණව සැරිසැරූ බව කුවේණි අස්න ගායනා තුළින් ම පැහැදිලි වේ .
" කොයි ගොසින් කොයි අනේ
රැකෙමුදෝ දෙවියනේ
අහෝ දුක කියමි නේ
කිය කියා හඬමිනේ "
පොරොන්දු කඩ කිරීම, ආත්මාර්ථකාමී භාවය,නොගැලපෙන ආවාහ විවාහ ක්‍රම සමාජ යහපැවැත්මට බාධාවක් මෙන්ම විනාශයටද හේතු වන බව මෙම කථා පුවතින් පැහැදිලි කරයි .මෙකී කරුණු වලින් වැළකී සිටීමෙන් සමාජයේ යහ පැවැත්ම ආරක්ෂා කර ගත හැක .
❤️👍
ReplyDelete❤️👍
ReplyDelete👍👍
ReplyDelete👌👌
ReplyDeleteNiyamai
ReplyDeleteBest 👍👍🤟
ReplyDelete👍👍👍
ReplyDeleteSuper
ReplyDelete🤜🤜🤜
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteGood..
ReplyDeleteGreat ❤️🥂
ReplyDeleteවටිනා ලිපියක් ❤
ReplyDeleteවැදගත්👍👍
ReplyDeleteඅපූරුයි❤️
ReplyDeleteඅපූරුයි❤️
ReplyDelete😍😍😍😍
ReplyDelete👍👍
ReplyDeleteGreat❤️
ReplyDelete