කාටුන් සහ ළමා මනස
ඔයාගේ ජීවිතේ සුන්දරම කාලය මොකක්ද කියලා කවුරුහරි ඔයාගෙන් ගැහුවොත් ඇත්තටම ඒකට උත්තරය වෙන්නේ "පුංචි කාලේ " නේද ?පුංචි කාලය කියන්නේ අපි හැමෝගෙම ජීවිත වලට එකම එක පාරක් එන ඉතාම සුන්දර කාලපරිච්ඡේදයක්.ඉතින් කැමතිද ඔයාට, මට ,අපි හැමෝටම තිබුණු ඒ ලස්සන පුංචි කාලෙට ආපහු යන්න.☺️ පුංචි කාලේ තිබුණු ඒ සුන්දරත්වය සමනල පිහාටුවක් වගේ සියුම්ව හිත ඇතුලෙන් අදටත් අපි අත්විඳිනවා නේද?🙆🤸
ළමා කාලය යනු අනුකරණාත්මක කාලයකි .කුඩා ළමුන් සෑමවිටම දකින දේවල් අනුකරණය කරන්නට පෙළඹෙයි.හරි වැරැද්ද හරි හැටි තේරුමක් නොමැති ව අනුකරණය කිරීම තුළින් ඔවුන් වින්දනයක් ලැබීමට දක්වන්නේ දැඩි කැමැත්තකි .
"කාටූන්" කියන වචනය පුංචි ළමයින් හා බැඳෙන්නේ ගහට පොත්ත මෙනි.එදත් කාටුන් තිබුණා, අදත් කාටුන් තිබෙනවා.ඒත් ඇත්තටම එදා තිබුණු අපි රසවිඳපු කාටුන් අද පුංචි ළමයි නරඹන කාටුන් වගේම ද ,නැතිනම් වෙනසක් තිබෙනවාද කියලා ප්‍රශ්නයක් හැමෝටම ඇති. 🤔🤔🤔
කුඩා කාලයේ අපිත් කාටුන් නැරඹුවා .කූඹිච්චි ,ඥානකතා මල්ලි ,සූර පප්පා ,වලස් මාමා, දොස්තර හොඳ හිත වගේ කාටුන් නරඹන්නට අදටත් අපේ සිත් තුළට ඇතිවෙන්නේ මහත් ආසාවකි.ඇත්තෙන්ම ඒ කාටුන් වල තිබුණා රසවින්දනයක් වගේම උපදෙසක්.කුඩා දරුවන් කාටුන් රසවිඳින ගමන් එම ඔවදන් උපදෙස් සිතට යොමු කර ගත්තේ නිතැතිනි.කූඹිච්චි කාටුනයේ තේමා ගීතය තුළම කොපමණ වටිනා උපදෙස් දරුවන්ට ලබා දී ඇති ද යන්න එම ගීතයේ පද පෙළ දෙස බලන කළ වටහා ගත හැක .
නමුත් වර්තමානය වන විට රූපවාහිනි මාධ්‍ය තුළ ඉදිරිපත් කෙරෙන කාටුන් තුළින් යම්කිසි උපදෙසක් ඔවදනක් හෝ හරවත් යමක් දරු පරපුරට ලබා දෙන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයකි.වර්තමාන කාටුන් තුළ වැඩි වශයෙන් ප්රචණ්ඩත්වය, සියුම් ලිංගික කරුණු , අසභ්‍ය වචන ආදිය අන්තර්ගත වී ඇති අයුරු දැක ගත හැක.එමගින් පුංචි ළමා මනසේ අමුතුම ලෝකයක් මවා ඇති බව ළමා හැසිරීම් තුළින් මනාව පෙනී යයි .ළමුන්ගේ මනස ප්‍රචණ්ඩකාරී අදහස්වලින් පිරී ඇත්තේ කාටූන් චරිත වල පවතින ප්රචණ්ඩ ගති ලක්ෂණ දරුවන් තමා වෙත ආරෝපණය කර ගැනීමෙනි .බෝනික්කන් සුරතල් කරමින් සෙල්ලම් කළ යුතු අවධියේ සිටින කුඩා දරුවන් අද වන විට දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ සෙල්ලම් පිස්තෝලයි.එසේ සිදු වන්නේ කුඩා කළ සිටම ඔවුන්ගේ කුඩා මනසට නොගැලපෙන දේවල් නැරඹීම තුලින් ඒවා අනුකරණයට ඔවුන් පෙළඹීම හේතුවෙනි.
එසේනම් වින්දනයත් සමගම කාටූන් වැඩසටහන් මගින් කුඩා දරුවන්ගේ මනසට වටිනා ඔවදන්, හොඳ පුරුදු, හොඳ ගතිගුණ, යහපත් සිතිවිලි ආදිය ලබා දීමට හැකි වේ නම් එය කෙතරම් අගනේද. ☺👭
💛🤘👌😍
ReplyDeleteඇත්ත කතාවක්
ReplyDeleteEka maru💛😍
ReplyDeleteසුපිරි💖
ReplyDeletesuperb 🔥
ReplyDeleteහ්ම්ම්ම්.👌👌
ReplyDeleteNiyamai👍👍
ReplyDelete❤️❤️❤️🤟🤟
ReplyDeleteWow ❤
ReplyDeleteවාව්❤️👌
ReplyDelete👍❤️
ReplyDelete👍😘
ReplyDeleteකාලෝචිතයි...👍
ReplyDelete❤❤
ReplyDelete❤❤
ReplyDelete😍😍
ReplyDeleteඅපි බලපු කාටූන් දැන් ඉන්න පොඩි උන් බැලුවනන්...විකෘති වෙච්ච මොල පෑදෙනවා.
ReplyDelete♥️♥️♥️ superb akkiya
ReplyDeleteලස්සනයි ❤😍
ReplyDelete❤❤
ReplyDeleteSuper
ReplyDeleteAttatama godak have da adahas dakweemak
ReplyDelete