විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

විජය හා කුවේණියගේ කථා පුවත සැවොම අසා තිබෙන සැවොම හඳුනන කතා පුවතකි. නමුත් එම කතාව තුළින් මාජයට කොපමණ වැදගත් උපදෙස් ප්‍රමාණයක් සන්නිවේදනය කෙරේ ද යන්න පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ .විජය කුවේණි කතා පුවත කොහොඹා කංකාරි ශාන්ති කර්මය හා සම්බන්ධ උපත් කතා පුවත ලෙස ද සඳහන් වේ. එම කතා පුවත කෙටියෙන් මෙසේ සඳහන් කළ හැක . සත්සියයක් පිරිස සමඟ ලංකාවට පැමිණි විජය රජු කුවේණිය සරණ පාවා ගෙන මෙරට රජකමට පත් විය .ඔහුට දාව ජීවහත්ත සහ දිසාලා නම් දරු දෙදෙනෙක් උපන්හ .පසුව විජය රජු කුවේණිය පලවා හැර ඉන්දියාවේ තමාගේ කුලයට ගැලපෙන කුමාරිකාවක් සරණ පාවා ගත්තාය .දරු දෙදෙනා සමග වනගත වූ කුවේණිය විජය ට ශාප කරන්නට විය .මෙම ශාපය විජයට බල නොපෑ ව ද ඊට පසු රජ වූ පඬුවස්දෙව් රජුට බලපාන්නට විය .මේ හේතුව නිසා රජු රෝගාතුර වූ බව කියැවේ .එම රෝගය "දිවි දෝෂය" ලෙස හැඳින්වූ අතර එය සුවපත් කිරීම සඳහා සිදු කළ ශාන්ති කර්මය "කොහොඹාකංකාරි ශාන්තිකර්මය" ලෙස ද හැඳින්වේ . කතා පුවතේ...