Posts

ලෙස්ටර්ගේ අවරගිර

Image
  දේශීය සිනමාවේ පුරෝගාමීන් අතර ප්‍රමුඛයකු ලෙස අපට ලෙස්ටර් ජේම්ස් පීරිස් හැඳින්වීමට පුළුවන.එතෙක් චිත්‍රාගාරය තුළ සිර කොට තිබූ සිනමා කැමරාව  ඉන් නිදහස් කර එළිමහනට ගෙන එන ලද්දේ ඔහු විසිනි.ඒ 1956දී ය.සිනමාකරණය ලද එම  නිදහසේ ප්‍රතිඵලය වූයේ 'රේඛාව' නම් වූ නැවුම් සිනමා කෘතියයි.තව දුරටත් එසේ නිදහස් මග ඔස්සේ ගමන් කළ ලෙස්ටර් 1963 දී සිංහල සිනමාවට 'ගම්පෙරළිය' දායාද කළේ ය .එය දේශීය යථාර්ථවාදී සිනමාවේ ප්‍රථම සන්ධිස්ථානය විය.සමාජ පෙරළියක මුඛ්‍ය ප්‍රවණතා ප්‍රතිබිම්භනය කළ එම සිනමා කෘතිය ළදරු දේශීය සිනමාවේ වර්ධනීය අදියරක සමාරම්භය සටහන් කළේය. මෙසේ රේඛාව සහ ගම්පෙරළිය ඔස්සේ ඇරඹුණු ලෙස්ටර්ගේ සිනමා දිවිය මධ්‍යම පාන්තික පටු රාමුව තුළ සිරවීම නිසා ප්‍රබුද්ධ රසිකයන් ගේ සියලු අපේක්ෂා සුන් කරමින් අවාසනාවන්ත පසුබෑමකට ලක්විය.ඉහළ මධ්‍යම පාන්තික පරිසරයක සැරිසරන ලෙස්ටර් මෙරට ජන ජීවිතයේ ස්පන්දනය හා රිද්මයත්, පොදුජන සමාජමය බලවේගයත් අන්තර් ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වීම,ඔහු හරසුන් බොල් සිනමා ආරක් තුළ සිරගත කිරීමට මූලික වූ බැව් කීම වඩාත් සත්‍යයට සමීප ය .ගම්පෙරළියට පසුකාලීනව  ඔහු විසින් නිර්මාණය කරන ලද ද...

ජනමාධ්‍ය විසින් ගිලගත් ළමා මනස

Image
  බොහෝ වැඩිහිටියන් වර්ථමාන ළමා පරපුර සම්බන්ධව කතා බහ කිරීමේදී " දැන් ඉන්න ළමයි අපේ කාලේ වගේ නෙමෙයි.හරියට පැහිලා" යනුවෙන් කියනු ඔබ අසා ඇත.එසේම තවත් වැඩිහිටියෝ ළමුන් පිළිබදව කතා කිරීමේදී ඔවුන්ගේ සාරදර්ම හා චර්‍යාවන්ගේ පිරිහීම ගැන මැසිවිලි නගති. එදා පරපුර මෙදා පරපුරෙන් වෙනස් වීමටහේතු වී ඇත්තේ කුමක්ද? ඉහත තත්වයන් සඳහා  හේතු වූ සාදක නිශ්චිතවම තීරණය කළ නොහැකි වූවත් මේ සඳහා  ජනමාධ්‍යන්ගේ බලපෑම ඉතා සැළකිය යුතු මට්ටමක තිබෙන බව පිළිගත හැක.  වර්ථමාන දරුවන් බහුතරයක් වැඩෙන්නේ ජනමාධ්‍ය සමගය.අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පවුල් ජීවිත ඒකීය පවුල් බවට පත් වෙමින් තිබේ.බොහෝ කුඩා ඒකීය පවුල් තුළ දරුවන් සිටින්නේ හුදෙකලාවත් සමගයි.එහිදී දරුවන්ගේ තනිය මකන්නේ ජනමාධ්‍ය විසිනි.රූපවාහිනිය ඉන් ප්‍රමුඛ වේ.එසේම ළමුන් තුළ වෙනස්කම් ඇති කරන මේ මාධ්‍යයන් මෙහෙයවන්නේ කව්රුන් විසින්ද? බොහෝ ජනමාධ්‍යන් නඩත්තු වන්නේ වෙළඳ  ආයතනවල අනුග්‍රාහක දැන්වීම් මගිනි.එම වෙළඳ  දැන්වීම් විසින් නිරතුරුවම හුරුකරන වටිනාකම් මානවවාදී ඒවා නොවේ.බෙදාගෙන කෑමට නොව බදාගෙන කෑම ඔවුහු ළමුන්ට කියාදෙති. බොහෝ රටවල සන්නිවේ...

නව නළු රසය

Image
                                විවිධ අවස්ථා අනුව මිනිස් සිතෙහි ඇතිවන හැඟීම් රස භාව නිෂ්පත්තියේ මූලාරම්භය ලෙස සඳහන් කළ හැක.☺️😐😑😏😦😔          අසන්නාගේත්,බලන්නාගේත්, කියවන්නාගේත්, සිත අනුව ඇතිවන භාවයන් විවිධ ය .මේ හේතුව නිසා ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන රසය ද විවිධ වෙයි.භාවයන් තුළින් රසය උපදී.මෙය මුළුමනින්ම මානසික ක්‍රියාවලියක් නිසා ද්‍රව්‍යමය වශයෙන් පෙන්වීමට හෝ දැකීමට හෝ මැන බැලීමට හැකියාවක් නැත .                                                   භරතමුණීගේ " නාට්‍ය ශාස්ත්‍රය " නමැති කෘතිය සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ රස සිද්ධාන්ත මුල් කරගෙන බව කියවේ .ඔහු පවසන අන්දමට භාව, විභාව, අනුභාව, ව්‍යවචාරී භාව යන කොටස් සංයෝග වීමෙන් කිසියම් රසයක් උපදී .භරතමුණි රස අටක් හඳුන්වා දී ඇත. එහි ශාන්ත රසය  අන්තර්ගත නොවේ.                  ...

බලාපොරොත්තුවේ පොද වැස්ස

Image
                  බලාපොරොත්තුවේ පොද වැස්ස                  සඳවතියකි    මා            මිරිඟුවට පෙම් බඳින            සොයමි  දිය   පොදක්               ඒ    මිරිඟුව   තුළම                කෙදිනක    හෝ              වැටේවී     වැස්සක්            තෙත්    වුණු    මනසට             ඉඩෝරයක් වූ හදවතට            ඉරිතලා ගිය සෙනෙහසට             වටිනාකමක් රැගෙන             කඳුළු බිඳුවක් සමගම              දෙකොපුල පිස දමමින්               ගල...

විජය හා කුවේණි කතා පුවතෙන් සමාජයට සන්නිවේදය කෙරෙන යථාර්ථය

Image
  විජය හා කුවේණියගේ කථා පුවත සැවොම  අසා තිබෙන සැවොම හඳුනන කතා පුවතකි. නමුත් එම කතාව තුළින් මාජයට කොපමණ වැදගත් උපදෙස් ප්‍රමාණයක් සන්නිවේදනය කෙරේ ද යන්න පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ .විජය කුවේණි කතා පුවත කොහොඹා කංකාරි ශාන්ති කර්මය හා සම්බන්ධ උපත් කතා පුවත ලෙස ද සඳහන් වේ. එම කතා පුවත කෙටියෙන් මෙසේ සඳහන් කළ හැක .                           සත්සියයක් පිරිස සමඟ ලංකාවට පැමිණි විජය රජු කුවේණිය සරණ පාවා ගෙන මෙරට රජකමට පත් විය .ඔහුට දාව ජීවහත්ත සහ දිසාලා නම් දරු දෙදෙනෙක් උපන්හ .පසුව විජය රජු කුවේණිය පලවා හැර ඉන්දියාවේ තමාගේ කුලයට ගැලපෙන කුමාරිකාවක් සරණ පාවා ගත්තාය .දරු දෙදෙනා සමග වනගත වූ කුවේණිය විජය ට ශාප කරන්නට විය .මෙම ශාපය විජයට බල නොපෑ ව ද ඊට පසු රජ වූ පඬුවස්දෙව් රජුට බලපාන්නට විය .මේ හේතුව නිසා රජු රෝගාතුර වූ බව කියැවේ .එම රෝගය  "දිවි දෝෂය" ලෙස හැඳින්වූ අතර එය සුවපත් කිරීම සඳහා සිදු කළ ශාන්ති කර්මය "කොහොඹාකංකාරි ශාන්තිකර්මය" ලෙස ද හැඳින්වේ .                 කතා පුවතේ...

කිරුළක් වෙමි ඔබට

Image
       කෙනෙක් ඉන්නවා අපි හැමෝගෙම ජීවිත වල,සාක්කුව හිස් වුනත් අපේ බඩ කට පුරවපු.ඉතින් ඒ කිරුළු නොපලන් රජුටයි මේ.         දෑස් හැර මෙලොව මා         දුටු   ඒ           කඳුළු        සිඟිත්තියක් ලැබූ බව         ඔබ      දත්        හින්දා         නැහැවූ දා කලය   බිඳ          දුටු      ඒ            කඳුළු          රැකුමට මා අවැසි බව         ඔබ       දත්        හින්දා         කළු ලෝගුවක්  කර  ලා         දුටු         ඒ             කඳුළු         දිනුවා අනාගතය       දූ          ඔබ...

කාටුන් සහ ළමා මනස

Image
          ඔයාගේ  ජීවිතේ සුන්දරම කාලය මොකක්ද කියලා කවුරුහරි ඔයාගෙන්  ගැහුවොත් ඇත්තටම ඒකට උත්තරය වෙන්නේ  "පුංචි කාලේ " නේද ?පුංචි කාලය කියන්නේ අපි හැමෝගෙම ජීවිත වලට එකම  එක පාරක් එන ඉතාම සුන්දර කාලපරිච්ඡේදයක්.ඉතින් කැමතිද  ඔයාට, මට ,අපි හැමෝටම තිබුණු ඒ ලස්සන පුංචි කාලෙට ආපහු යන්න.☺️                  පුංචි කාලේ  තිබුණු  ඒ සුන්දරත්වය සමනල පිහාටුවක් වගේ සියුම්ව හිත ඇතුලෙන් අදටත් අපි අත්විඳිනවා නේද?🙆🤸               ළමා කාලය යනු අනුකරණාත්මක කාලයකි .කුඩා ළමුන් සෑමවිටම දකින දේවල් අනුකරණය කරන්නට පෙළඹෙයි.හරි වැරැද්ද හරි හැටි තේරුමක් නොමැති ව අනුකරණය කිරීම තුළින් ඔවුන් වින්දනයක් ලැබීමට දක්වන්නේ දැඩි කැමැත්තකි .    "කාටූන්" කියන වචනය පුංචි ළමයින් හා බැඳෙන්නේ ගහට පොත්ත මෙනි.එදත් කාටුන් තිබුණා, අදත් කාටුන් තිබෙනවා.ඒත් ඇත්තටම එදා තිබුණු අපි රසවිඳපු කාටුන් අද පුංචි ළමයි නරඹන කාටුන් වගේම ද ,නැතිනම් වෙනසක්  තිබෙනවාද කියලා ප්‍රශ්නයක්  හැමෝටම ඇති. ...