Posts

Showing posts from March, 2021

ලෙස්ටර්ගේ අවරගිර

Image
  දේශීය සිනමාවේ පුරෝගාමීන් අතර ප්‍රමුඛයකු ලෙස අපට ලෙස්ටර් ජේම්ස් පීරිස් හැඳින්වීමට පුළුවන.එතෙක් චිත්‍රාගාරය තුළ සිර කොට තිබූ සිනමා කැමරාව  ඉන් නිදහස් කර එළිමහනට ගෙන එන ලද්දේ ඔහු විසිනි.ඒ 1956දී ය.සිනමාකරණය ලද එම  නිදහසේ ප්‍රතිඵලය වූයේ 'රේඛාව' නම් වූ නැවුම් සිනමා කෘතියයි.තව දුරටත් එසේ නිදහස් මග ඔස්සේ ගමන් කළ ලෙස්ටර් 1963 දී සිංහල සිනමාවට 'ගම්පෙරළිය' දායාද කළේ ය .එය දේශීය යථාර්ථවාදී සිනමාවේ ප්‍රථම සන්ධිස්ථානය විය.සමාජ පෙරළියක මුඛ්‍ය ප්‍රවණතා ප්‍රතිබිම්භනය කළ එම සිනමා කෘතිය ළදරු දේශීය සිනමාවේ වර්ධනීය අදියරක සමාරම්භය සටහන් කළේය. මෙසේ රේඛාව සහ ගම්පෙරළිය ඔස්සේ ඇරඹුණු ලෙස්ටර්ගේ සිනමා දිවිය මධ්‍යම පාන්තික පටු රාමුව තුළ සිරවීම නිසා ප්‍රබුද්ධ රසිකයන් ගේ සියලු අපේක්ෂා සුන් කරමින් අවාසනාවන්ත පසුබෑමකට ලක්විය.ඉහළ මධ්‍යම පාන්තික පරිසරයක සැරිසරන ලෙස්ටර් මෙරට ජන ජීවිතයේ ස්පන්දනය හා රිද්මයත්, පොදුජන සමාජමය බලවේගයත් අන්තර් ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වීම,ඔහු හරසුන් බොල් සිනමා ආරක් තුළ සිරගත කිරීමට මූලික වූ බැව් කීම වඩාත් සත්‍යයට සමීප ය .ගම්පෙරළියට පසුකාලීනව  ඔහු විසින් නිර්මාණය කරන ලද ද...